Tuesday, June 5, 2012

උසස් පෙළ ප්‍රතිඵල සහ හොරාගේ අම්මගෙන් පේන ඇසීම



A/L ප්‍රතිඵල ඇයි මෙච්චර පමා                                        උනේ
අද දෙනවා හෙට දෙනවා බාලගිරි දෝසෙ                        අනේ
 දෙනවා කියලා පැය ගානක් පමා                                    උනේ
දුන් ප්‍රථිපලත් මේ මොනවද                                    අවුලක්නේ  


සිසුවෙක් කියයි rank 100, Z අගය දෙකයි දශම දෙකයි   එකයි
උගෙම යාලුවා  200 අරන් Z දෙකයි දශම තුනයි            දෙකයි
ඒ නම් මදැයි තව දේවල් සිද්ධ                                       උනයි
කලා කරපු උන් ගණිතෙන් පාස්                                      උනයි

කාටත් සැකයි දන්නම් මේ                                        ප්‍රතිඵලය
සැවොම කියයි වැරදිලු දිස්ත්‍රික්                                      අගය
කාටත් හොරා නැතුවම කිසි                                     කලබලය
ජාලෙන් යලිත් මතුවුනි නව                                      ප්‍රතිඵලය 

දෙවන වරත් දුන් ප්‍රථිපල නිම                                         වූයේ
තව එක් බසක ප්‍රථිපල නෑ හමු                                       වූයේ
පේපර් බලන්නට යැව්වද                                        රුසියාවේ
එහෙ කොම්පියුටරෙත් කැඩ්ලද වගෙ අපෙ                   පායේ

කොහොමද එකතු කලේ දෙරණින් ප්‍රශ්න                      කලා
කැරකුනි කොමා 3600 කුත් එකක්                                කලා
පත් අත එකට සිඳ අරගෙන මෙව්වා                              කලා
ඇයි වැරදියිද මම ඒ දෙක එකතු                                    කලා

ප්‍රථිපල අවුල දැන අපෙ ජනපති                             තුමාණෝ
පත් කල කොමිසමේ උප කුලපති                        ඇදුරාණෝ
කීවා ඔවුන් විමසා බලා සැම                              කාරණාවෝ
වරද කොම්පියුටරේ අපෙ නම් කිසි සැකක්                       no

උප කුලපති පත් කලේ A/L සිසු                          න්දෙන්ද
ඔවුන් පත් කලේ ජනපති බව                               දන්නැද්ද
එහෙව් කොමිසමක කිසි විනිවිද බවක්                         වෙද
පේන ඇසුවෙ සොර මව්ගෙන්                           නොවේමද 

මට  බැරි දේ වයිමටවත් කල හැකි                                උනිද
එහෙව් මෙමට ගණ දෙවියොත්                                කජ්ජක්ද
ප්‍රතිඵල ගැන සිසු පැමිණිලි                                       නැගුනාද
කියයි බන්දු මැති සබෙ දාගෙන                                     සද්ද

කීවත් ඇමති ප්‍රතිඵල හරි දැකුම්                                      කළු
මානව හිමිකමේ පෙත්සම් ගොඩ                                  වේලු
මෙවන් බසට ගැමි වහරේ                                        කිව්වාලු
කටේ නරි වදන් රෙදි පල්ලෙන්                              බේරේලු