Wednesday, May 16, 2012

ආසියාවේ ආශ්චර්යයෙන් බිඳක්



ලෝකෙන් උතුම් රට                      ලංකාවයි
එහෙමයි අපි ඉගෙන ගත්තේ              කාලේ
වෙනස් උනේ අපේ රටේ              චින්තනයයි
ආශ්චර්ය දැන් අපිමයි                   ආසියාවේ
 

cricket කිරුල දිනා ගන්න ඉවසුවා පහලොස්         වසරක්
 මෙවර sure අපිට ඉන්නේ සුපිරි cricket බෝඩ්       එකක්
අලුතින් තණතිලි හදලා දැන්මට ලොකු ෂෝස්       ටිකක්
පඩි ගෙවන්න සල්ලි නෑලු මේක                   ආශ්චර්යයක්


යුද්දේ කරලා දිනුව අපිට මුදල් ඉතිරි         වේ
  මුදලින් රට තව තව හොදට දියුණු        වේ
එහෙම කියපු මෙරටට දැන් මොකක්ද සිදු  වේ
ආශ්චර්යකින් රුපියල දස අත පා              වේ


තිස් ගණනක් වැඩි කලාට ලාම්පු තෙල්     බෝතලය
 විය යුතු නෑ අප ඔබ කිසිවිට                     කලබලය
තෙල් කුමටද සැම තැන නිසිලෙස ඇත විදුලිය     බලය
ආශ්චර්ය මගේ රටයි මේ මුලු                   මිහිතලය
 

බස් ගාස්තු වැඩි උනාට පැය                     විසිහතරෙන්
 දුප්පතාට දැනෙන්නේ නැත එය කිසි               විටකින්
ඇගට පතට නොදැනී අර වැඩිකල               12%    න්
 දුප්පත් අය කාරෙකෙ යයි                       ආශ්චර්යකින්


අපේ පාර හදන්නෑනෙ මාර                      කරුමයක්
ජනපතිදුත් හෙට එනවලු දෙයි බැණුම්          ගොඩක්
රෑ පහන්ව එලිවන විට දුටිමි                      අරුමයක්
අපේ ගමේ නව පාරක්                          ආශ්චර්යයක්
 

ලීවා සිසුන් උසස් පෙලට සිය දහසක්        ගණනින්
Results දෙන්න සිදු වූයේ නව සිලබස්       දෙකකින්
අරවා කරලා මෙව්වා කරලා දාපු              සූත්රයකින්
Z දෙකම එකතු කලේ                       ආශ්චර්යයකින්
 

සමත් උනත් බොහෝ සිසුන් යන්නට        සරසවිය
ඉඩ මදිවලු සරසවි අපෙ ගන්න සිසුන්            වැඩිය
එහෙම කියලා දැක්කද ඔබ ඔවුන් කරපු          හරිය
විදෙස් සිසුන් මෙහෙන් ගනියි DEGREE    ආශ්චර්ය

1 comment: